26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරාවණා ඇල්ල මාර්ගයේ බස් රථ අනතුරක්

රාවණා ඇල්ල මාර්ගයේ බස් රථ අනතුරක්

බදුල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපබෝගී බස් රථයක් අද (04) ඇල්ල, රාවණා ඇල්ල මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

අද අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 40 ක් පමණ සිට ඇති අතර මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

බස් රථයේ තිරිංග එකවර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර මාර්ගයේ ඉහළින් තිබූ ගල් කැබලි රියදුරු සිටින දිශාවට වැටීමෙන් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.