28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට මම සූදානම් - ධම්මික

ජනාධිපතිවරණයට මම සූදානම් – ධම්මික

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ධම්මික පෙරේරා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තීරණයකට එළඹිය යුතු බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයෙන් බලය ලබාගැනීමට තරග කරන සියලුම දේශපාලනඥයන් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි මෙතෙක් හෙළි කර නොමැති බවත් ඔහු එහිදී අවධාරණය කළා.