― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට නිල විදේශ සංචිත ඉහළට

මෙරට නිල විදේශ සංචිත ඉහළට

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2024 ජූනි මාසය තුළදී ඔවුන් සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 4.3% කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2024 මැයි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.