30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරියදුරුගේ අපරික්ෂාකාරී ධාවනයෙන් පදිකයෙක් බසයට යටවෙයි

රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනයෙන් පදිකයෙක් බසයට යටවෙයි

හැටන් ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයකට මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකු යට වී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ පදිකයා දික්ඔය මූලික රෝහල වෙත (05) දින ඇතුලත් කර ඇති බවයි හැටන් පොලීසිය පැවසුවේ.

කොටගල සිට හැටන් ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් හැටන්, ඩන්බාර් වීදියට හරවන අවස්ථාවේදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි පදිකයෙකුගේ පාදය බස් රථයේ පසුපස රෝදයට හසු වී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස්රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.