27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම අද

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම අද

ජූලි මස 15 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ 2024 වසර සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීම අද සිදු කරන බවයි.

ඒ අනුව අද (09) පෙරවරු 9 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම අදහස් භාර ගන්නා බව වාර්තා වනවා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත සහ සංවිධාන නියෝජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.