31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅභිරහස් ලෙස මියගිය දැරියකගේ සිරුරක් රබර් වත්තක

අභිරහස් ලෙස මියගිය දැරියකගේ සිරුරක් රබර් වත්තක

නිවිතිගල රබර් වගා ඉඩමක් අසළ ඇති අඩිපාරක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක් බවයි වාර්තා වන්නේ.

නිවිතගල පොලීසිය පැවසුවේ මෙම දැරිය මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව මියගොස් තිබූ බවයි.

නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසළදීයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙම දැරියගේ මව වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන බවත් ඊයේ දිනයේදී දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේනමුත් පාසල් නොයාම නිසා නිවසේ තනිව සිටි දැරියට දුරකථන ඇමතුමක් ලබාදුන් මව පවසා ඇත්තේ වෙළෙඳසැල වෙත පැමිණෙන ලෙසයි.

දැරිය වෙළෙඳසැල වෙත පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මව ඇය ගැන සොයා බැලීමට රබර් වගාව මැදින් තම නිවසට ගමන් කරමින් සිටියදී මියගොස් සිටි දැරිගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.