28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්රි රහීම්ට වරෙන්තු

අලි සබ්රි රහීම්ට වරෙන්තු

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න විසිනුයි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගඋත්තරකරු කර ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ.

මීට පෙරදී ද මන්ත්‍රීවරයා අධිරණය හමුවේ පෙනී නොසිට ඇති අතර
රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම, දේපල අනර්ථය යන චෝදනා මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබෙනවා.