27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් පොලිස් නිලධාරීන්ට අදත් ඇප නෑ

අල්ලස් ගත් පොලිස් නිලධාරීන්ට අදත් ඇප නෑ

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) තීන්දු කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එහිදී මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මුදල් ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මාර්ගගත මුදල් ගනුදෙනුවකට අදාළව සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 154,200ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට මෙම සැකකාර පොලිස් නිලධාරීන දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.