― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsක්ලබ් වසන්තගේ ඝාතනය ගැන ටැටූ කඩේ හිමිකරු වමාරයි

ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන ටැටූ කඩේ හිමිකරු වමාරයි

‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම ඩුබායි රාජ්‍යයෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කළ බවට ටැටූ ආයතනයේ හිමිකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඊයේ (08) අතුරුගිරියේ ටැටූ කඩයක් තුළදී සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ටැටූ කඩයේ හිමිකරු ඇතුළු 06 දෙනෙක් පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ටැටූ කඩේ හිමිකරු පොලීසිය හමුවේ අනාවරණය කර ඇත්තේ ක්ලබ් වසන්ත ඝාතනයට සැලසුම් සකස් කිරීමට තමන්ට විශාල මුදලක් ලැබුණු බවත් ඔහුව සිය ව්‍යාපාරික ආයතනයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගෙන්වීමටත් ඩුබායි සිට මුදල් ලැබුණු බවයි.

ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එකට අනුව තමයි ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන්න සැලසුම ක්‍රියාත්මක කළේ. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා.” යනුවෙන් ඔහු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

එමෙන්ම පොලිස් විමර්ශනවලදී සොයාගෙන ඇත්තේ මෙම ඝාතනයේ පිටිපස මේ වනවිට යුරෝපයට පලා ගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින බවත් ඔහුගේ නම යැයි සැක කළ හැකි අයුරින් ඛ්ඵෛ උඅනුවෙනු යෙදූ වෙඩි උණ්ඩයක් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබෙන බවයි.

ඊයේ (08) අතුරුගිරිය නගරයේ ඔරුවල ප්‍රදේශයේ නව ටැටූ සාප්පුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියදීයි මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත් වුණේ.

ටැටූ වෙළෙඳසැල විවෘත කර මිනිත්තු කිහිපයක් පමණ ගත වනවිට දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වසන්ත, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසකට වෙඩි තැබූ අතර බිරිඳගේ පපුවට එල්ල වූ වෙඩි පහරින් ඇය මේ වනවිට බරපතළ තත්ත්වයේ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සැත්කමකට ද ලක් ව ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීමෙන් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද බරපතල තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලීසිය පවසන්නේ රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් වන ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බවයි.

කෙසේනමුත් ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති අතර විමර්ශන අඛණ්ඩ ව ක්‍රියාත්මකයි.