27.6 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමිනුවන්ගොඩින් හමු වූ පතොරම් ගබඩාව

මිනුවන්ගොඩින් හමු වූ පතොරම් ගබඩාව

මිනුවන්ගොඩ පොලිස් වසමේ ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතොරම් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින්ම මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී T-56 ගිනි අවි පතොරම් ගැබ 2ක්, පිස්තෝල පතොරම් ගැබ 2ක්, T-56 ජීව පතොරම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතොරම් 02ක් සොයාගෙන තිබුණි.

43 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 08 ක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පතොරම් සහ පතරොම් ගැබ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම සැකකරුට ලබා දෙන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.