― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅපි කතාවෙන් විතරක් වැඩ පෙන්වන්නේ නැහැ - සජිත්

අපි කතාවෙන් විතරක් වැඩ පෙන්වන්නේ නැහැ – සජිත්

බොහෝ රටවල් අපට ලබා දෙන්නේ ආධාර නොව ණය සහන බවත් මේවා නැවත ගෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) කැලණිය, හුණුපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම ණය නැවත ගෙවීමේ දී ලැබෙන ණය ආධාර නිවැරදිව භාවිත කළ යුතු බවත් ණයක් ලැබෙනවා නම් එම ණය මුදලේ, ප්‍රාග්ධන මුදලත් පොලියත් හොඳින් හඳුනා ගෙන එම මුදල යොදවා ප්‍රාග්ධනයටත් පොලියටත් වැඩිය වැඩි ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති සිදු කළ යුතු බවත් ණය ලබා ගෙන පාඩුවක් සිදුවන ව්‍යාපෘතිවලට යොමු වුවහොත් අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම නිසා ණය මර උගුලක පැටලෙන බවත්ය.

අද ලෝකයේ වැදගත් විෂය ක්ෂේත්‍රය වන්නේ හරිත ආර්ථික විද්‍යාව බවත් හරිත ප්‍රතිපත්ති මුදුන් පත් කර ගෙන රටක සංවර්ධන ක්‍රියාදාමය හා ආර්ථික ක්‍රියාදාමය මෙහෙයවන්නේ නම් හරිත අරමුදල් ලබා ගත හැකි බවත් ලෝකයේ විවිධ රටවල හරිත අරමුදල් ඇති නිසා ඒ අය නිවැරදි හරිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන විට හරිත ප්‍රදාන ලබා දෙන බවත් එය අප රටට සුබදායී ප්‍රතිපත්තියක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වර්තමානයේ ප්‍රතිපත්ති නිර්මාණය කරන විට දරු පරපුර, මතු පරපුර හා ඉපදෙන්න ඉන්නා පරපුර ගැන නොසිතන බවත් තමන් ගැන සිතන ආත්මාර්ථකාමී ක්‍රියාදාමය තුළ තමන් කෙසේ පවතින්නේ ද ජීවත්වන්නේද කියන අරමුණ තුළ පාරිභෝජන හා ආයෝජන රටා නිර්මාණය වන බවත් මතු පරම්පරාව උදෙසා සිදු කරන සියලු ක්‍රියාදාම තිරසර විය යුතු බවත් විපක්ෂ නායකරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්තිය තුළින් ස්වාභාවික සෞන්දර්ය හා පරිසරය සුරක්ෂා කරමින් මතු පරපුරට ඉතාමත්ම හරිත කේන්ද්‍රීය ධනාත්මක රටක් දායාද කිරීම තුළ හරිත ප්‍රදාන හරහා අප රටට ආධාර උපකාර ලබා ගත හැකි බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රටේ දරුවන් සුහුරු දරුවන් බවට පත් කිරීම බවත් අප සුහුරු නම් හරිත කේන්ද්‍රීය ජාතික සංවර්ධන සැලසුමක් අනුගමනය කළ යුතු බවත් ප්‍රවාහයක් ලෙස හරිත කේන්ද්‍රිය ප්‍රතිපත්ති අනුගමනය කරන ගමනක් යා යුතු බවත් හරිත ප්‍රතිපත්ති ඉහළම තලයට ඔසවා තබන ගමනක් යා යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

එසේම නාගරික දුප්පත්කම නැති බැරිකම ව්‍යාප්ත වී වර්ධනය වී ඇති බවත් මේ දුප්පත් ජනතාවට හඬක්, බලයක්, පදනමක් නොමැති බවත් මේ රටේ නිහඬ බහුතරයේ හඬ බවට එම නිසා සමගි ජන බලවේගය පත්වන බවත් එය කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ප්‍රායෝගිකව සක්‍රීයව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.