― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsක්ලබ් වසන්තගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික ක්ලබ් වසන්ත නොහොත් වසන්ත පෙරේරා පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට ගැනීමට ක්ලබ් වසන්ත නොහොත් වසන්ත පෙරේරා සම්බන්ධ බවට 2019 වසරේ වාර්තා විය.

එමෙන්ම මාකඳුරේ මධුෂ්ට අයත් රුපියල් කෝටි 100 ක් ක්ලබ් වසන්ත සතුව තිබූ බවටත් තොරතුරු වාර්තා වනවා.

කංජිපානි ඉම්රාන් ක්ලබ් වසන්තගෙන් එම මුදල් දෙන ලෙස කිහිප වතාවක්ම ඉල්ලා ඇති අතර වසන්ත විසින් එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ නිසා මීට මාස කිහිපයකට පෙර නුවරඑළියේ ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සැලසුමක් අසාර්ථක විය.

මෙවන් පසුබිමක ක්ලබ් වසන්ත ඉලක්ක කර අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධිය මාස 3කට පෙර සැලසුම් කළ එකක් බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුද සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර ඔහුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහු ටැටූ කලාව දන්නා නමුත් ඒ සඳහා ආයතනයක් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් මුදලක් ඔහු සතුව තිබී නැහැ.

ඒ අනුව ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචි තම මිතුරෙකු මාර්ගයෙන් විදේශිකයෙකු සමග සබඳතා පවත්වා ඇත.

එම විදේශිකයා මොහුට උපදෙස් ලබා දී ඇත්තේ ටැටූඋ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර ක්ලබ් වසන්ත ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඒ සඳහා ආරාධනා කරන ලෙසයි.

ඒ සඳහා ඩුබායි සිට ඔහුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 10ක් බැර කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සමාරම්භක උත්සවයට පැමිණෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ක්ලබ් වසන්තට ආරාධනා කර ඇත.

ක්ලබ් වසන්ත, ගායන ශිල්පිනී කේ.සුජීවා ඇතුළු පිරිස එම ආරාධනාව පිළිගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණි දෙදෙනෙකු තත්පර 17ක් ඇතුළත අදාළ පිරිසට වෙඩි තබා පළා ගිය බවයි.

මේ අතර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පත්කර තිබෙනවා.