26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

මත්කරල් තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (10) මන්නාරම පොලිස් වසමේ එරුක්කලන්පිඩිය, 05 කනුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී බලපත්‍රයක් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත්කරල් 550 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පේසාලේ ප්‍රදේශයේ පදිංචි අවුරදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය පැවසුවේ.