― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවාහන ආනයනය ගැන අවසන් තීරණය අගෝස්තුවේ

වාහන ආනයනය ගැන අවසන් තීරණය අගෝස්තුවේ

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනිදා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකගත්වය පළ වූ බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවසුවා.

පොදු ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, විකල්ප වාහන, සාමාන්‍ය වාහන සහ පෞද්ගලික වාහන යන අනුපිළිවෙළ යටතේ රථ වාහන ආනයන කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය රථ වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මෙතෙක් එම වාහන අතුරින් කිසිවක් ආනයනය කර නොමැති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවැසීය.

මේ යටතේ බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් ආනයනයට අවසර ලබා දී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ අවසරයට යටත් ව ය.