31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ දෙදෙනෙක් රාගමදී අල්ලයි

හෙරොයින් සමඟ දෙදෙනෙක් රාගමදී අල්ලයි

දිගු කලක සිට හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු සහ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (09) රාගම පොලිස් වසමේ සිදු කළ වැටලීමකදීයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 700 ක් සහ මුදල් රුපියල් 15,740.00 ක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකු සහ හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි 68 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.