26 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ අද (11) උදෑසන දරුණු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 7.0ක් ලෙස සටහන් වී ඇති බවයි.

එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූ කම්පනය පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රාන්තයේ කිලෝමීටර් 630ක් දුරින් සිදුව ඇති බවයි.

පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ භූ කම්පන හානි වාර්තා නොවුණ ද, පසු කම්පන සිදුවීම්වලින් වන හානිය වැඩිවිය හැකි බවයි.

මින්දනාඕ දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ඊසානදිග සෙලිබෙස් මුහුදේදී අද පෙරවරු 10:13 ට මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.