27.2 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගු වර්ජනයෙන් බහාලුම් රැසක් වරායේ සිරවෙයි

රේගු වර්ජනයෙන් බහාලුම් රැසක් වරායේ සිරවෙයි

රේගු නිලධාරීන් පසුගියදා ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මේ වනවිට බහාලුම් 4,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කර ගැනීමට නොහැකිව සිර වී ඇති බව වාර්තා වනවා.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේනමුත් බහාලුම් ප්‍රවාහන රථ රියැදුරන්ගේ සංගමය පවසන්නේ මෙම ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි.