26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 13 දෙනෙක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 13 දෙනෙක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ධීවර යාත්‍රා 3ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙන ගොස් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.