27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ ගින්නක් - 16 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ගින්නක් – 16 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ වාණිජ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ වාණිජ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිගොං නගරයේ තට්ටු 14කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර ගොඩනැගිල්ලේ වහලය මතට නැගී එහි සිටි මිනිසුන් උදව් ඉල්ලා කෑ ගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

දැඩි පරිශ්‍රමයකින් පැය 02කට පසුව ගින්න නිවා දමා තිබෙනවා.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි බලපෑම මේ වනවිටත් පහව නොගොස් ඇති බවයි.