26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළිඳක තිබී සිව් හැවිරිදි දැරියකගේ සිරුරක් හමුවෙයි

ළිඳක තිබී සිව් හැවිරිදි දැරියකගේ සිරුරක් හමුවෙයි

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ ළිඳක තිබී මළ සිරුර හමු වූ සිව් හැවිරිදි දියණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ දැරියගේ මව විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

යටියන්තොට ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියක් ළිඳකට වැටී මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසින් රුවන්වැල්ල පොලීසියට කළ දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කෙරුනා.

මෙලෙස මියගොස් තිබුනේ අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නම් දැරියක්.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනය පසුගිය අගහරුවාදා රාත්‍රී 11ත් 17 වැනිදා අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මියගිය දැරියගේ මව කථනාබාධිත කාන්තාවක් වන අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.