29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායි කුමරිය ප්‍රසිද්ධියේ දික්කසාදය ඉල්ලයි

ඩුබායි කුමරිය ප්‍රසිද්ධියේ දික්කසාදය ඉල්ලයි

ඩුබායි හි පාලකයාගේ දියණිය වන ෂෙයිකා මහරා බින්ට් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සිය සැමියාගෙන් ප්‍රසිද්ධියේ දික්කසාදය ඉල්ලා තිබෙනවා.

ෂෙයිකා මහරා යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි පාලකයාගේ දියණිය වන අතර ඇය පසුගිය වසරේ මැයි මාසයේදී ෂෙයික් මානා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මානා අල් මක්ටූම් හා විවාහ විය.

ඔවුන්ගේ පළමු දරුවා බිහි වීමෙන් මාස දෙකකට පසුව මෙලෙස දික්ක්සාදය ඉල්ලීම ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

ආදරණීය සැමියා මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි. මම ඔබව දික්කසාද කරමි. මම ඔබව දික්කසාද කරමි. මම ඔබව දික්කසාද කරමි. පරිස්සම් වන්න. ඔබේ හිටපු බිරිඳ” ලෙසින් ඇය සිය ඓන්ස්ටග්‍රම් ගිණුමේ සටහනක් දමා තිබෙනවා.