― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක්

ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක්

ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ඉදිරි දින කිහිපය තුළ ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් රටේ දියුණුවන ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතු වන අතර කිසිවිටෙකත් එම වගකීමෙන් බැහැර නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවති වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාදිපතිවරයා කියා සිටියේ යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බවයි.

ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය බවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයි. එක පැත්තකින් ගොවිතැන් කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රථ ධාවනය කිරීමෙන් ආදායම් උපයා ගන්නවා. 2022 – 2023 යල කන්නවලදි අපට හොඳ අස්වැන්නක් ලැබුණා. ඊට පසුව මහ කන්නයේදීත් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. 2023-2024 වසරවලදිත් හොඳ අස්වැන්නක් හිමි වුණා. ඒ අනුව ගොවි ජනතාවගේ අතේ මුදල් ගැවෙසන්න පටන් ගත්තා. ගොවීන්ගේ වෙළෙඳාම දියුණු වීමත් සමඟ ගමනාගමනය වැඩි වුණා. 2023 වසරේදී විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්න පටන් ගත්තා. සංචාරකයන් පැමිණෙන නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. එක පැත්තකින් ගොවීන් ආහාර වගා කරන්න උදව් කරනවා, අනික් පැත්තකින් ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබනවා. මේ අංශ දෙක තුළින් රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වීමට පටන් ගත්තා. මෙම ආර්ථික දියුණුව නිසා තමයි වසර දෙකක් අවසන් වීමට පෙර අපේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබුණේ. වෙන කිසිඳු රටක් මෙවැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් මිදී නැහැ. නමුත් බංකොලොත් භාවයෙන් නිදහස් වන අතරම ඩොලර් බිලියන 08ක පමණ ණය සහනයක් ලබා ගැනීමට අපට හැකි වුණා.

අද රට යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. අප දැන් මෙතනින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ක්‍රියාත්මක කරනේ නැත්නම් රටේ ආර්ථිකය යළි කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් තිබෙනවද? අප සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපි එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම වෘත්තියට සම්බන්ධ සංගම් සමඟත් අපට සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෘත්තියට වෘත්තීය රීති අවශ්‍යයි. වෘත්තීය රීති තිබිය යුතු බවට අප පිළිගන්නවා. ඒ වැඩ කටයුතු කරන ආකාරය ඔබ තීරණය කරන්න. සුබසාධනය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

අනාගතයේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාස නිසා විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කරන විට මේ තිබෙන වාහනවලට ලබාදෙන සහනය කුමක්ද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ සියල්ලම තවම ලෝකයේ පවතින්නේ මූලික අදියරකයි. ලෝකයේ රටවල් මේ සම්බන්ධව අත්හදා බැලීම්වල නිරතව සිටිනවා. අප ලෝකය දෙස බලා ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට දෙස් විදෙස් ආයෝජකයන් අවශ්‍යයි. ඒ තුළින් රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට මෙන්ම අපනයන ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ආර්ථික දියුණුව ඇති වන විට පසුගිය අර්බුදය හමුවේ දුක් විඳි ජනතාව අප අමතක නොකළ යුතුයි. මේ රටේ සාමාන්‍ය ජනතාවටත් මෙම ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ ලබාදිමට මගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව කිවයුතුයි. එම ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. එහිදි මෙතෙක් සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම ප්‍රතිලාභී සංඛ්‍යාව ඉහළ නැංවිමට කටයුතු කළා.

පසුගිය අලුත් අවුරුදු සමයේ එම ජනතාව වෙනුවෙන් මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබා දුන්නා. ඒ වගේම ඔවුන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. නගරයේ මහල් නිවාසවල ජිවත්වන ජනාතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම වතුකරයේ ගම්මාන ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු කාර්යයන් ඉටු කළේ මේ රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීමේ අරමුණ ඇතිවයි. රටේ නව ආයෝජන සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට අප ආරාධනා කරනවා. එසේම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව කිව යුතුයි.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී ත්‍රිරෝද රථ රියැදුරන්ද අමතක කර නැහැ. අපි මේ ගෙන යන ආර්ථික ක්‍රමවේදය නතර කළහොත් කුමක්ද සිදුවන්නේ? ණය දෙන කොන්දේසි කැඩුවොත් මොකද වෙන්නේ ? මේ ගැනද සිතා බැලිය යුතුයි. අපි අද වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපි ආර්ථික වශයෙන් දියුණුවක් ලැබීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි.”