30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටැටූ දුලාන් අද අධිකරණයට

ටැටූ දුලාන් අද අධිකරණයට

පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රධාන සැකකරු වන ටැටූ දුලාන් නැමැත්තා අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අද (22) උදෑසන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.