27.2 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මිද්දෙණිය, ගල්පොත්තයාය – ජූලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් යතුරුපැදිකරු තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදිය පෙරළී යාමෙන් එහි පිටුපස ගමන්ගත් කාන්තාව ද තුවාල ලබා ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 40ක කාන්තාවක්.