එලැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
එම කටයුතු වෙනුවෙන් ලිපි බෙදීම සඳහා 8000ක කාර්ය මණ්ඩල පිරිසක් යොදවා ගැනීමට නියමිතයි.
ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම ලබාදීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හා අදාළ ස්ථාන දැනුවත් කර තිබෙනවා.