26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතම ලෙයින් උපන් දැරිය අඹුකමට ගත් නරුම පියා අත්අඩංගුවට

තම ලෙයින් උපන් දැරිය අඹුකමට ගත් නරුම පියා අත්අඩංගුවට

තම ලෙයින් උපන් දියණියට ලිංගික අතවර කළ බව කියන නරුම පියෙක් ගැන පුවතක් පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ තම දස හැවිරිදි බාල වයස්කාර දියණියට ලිංගික අතවර සිදු කළ පියෙක් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙක්.

මෙලෙස ලිංගික අතවරයට ලක් වූ දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු මව ඒ පිළිබඳව දැරියගෙන් විමසා තිබෙනවා.

එහිදී දැරිය මව හමුවේ පවසා ඇත්තේ මව කුඹුරේ වැඩට ගිය අවස්ථාවේදී පියා විසින් තමාට ලිංගික අතවර සිදු කළ බවයි.

මව විසින් මේ පිළිබඳව පස්සර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.