28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකැබ් - ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලට

කැබ් – ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලට

දොඹගහවෙල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි.

මොණරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරු පැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථය තුල සිරවී සිටි අතර ඔවුන් දෙදෙනා ඉන් මුදා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සිදු වූ බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.