― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරටේ මූල්‍ය පාලනය විධිමත් කිරීමට නව පනතක්

රටේ මූල්‍ය පාලනය විධිමත් කිරීමට නව පනතක්

රටේ මූල්‍ය පාලනය තවදුරටත් විධිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමණාකරන වගකීම් පනත අද (25) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (25) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වකවානුවේ රටේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයට මූල්‍ය විනය ලිහිල්වීමද බලපෑ බවයි.

ඒ අනුව රටේ මූල්‍ය විනය ශක්තිමත් කරමින් මහබැංකු පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත ආදී පනත් රාශියක් ගෙන ඒමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසුවා.

රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ වගකීම මෙම පනතේ මූලික හරය බව පෙනවා දුන් අමාත්‍යවරයා, දීර්ඝ කාලයක් තිස්සේ මුදල් රෙගුලාසි මගින් මූල්‍ය පාලන කටයුතු සිදුවූ බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව නව තාක්ෂණයට ගැලපෙන පරිදි, පෙර කී මූල්‍ය රෙගුලාසි හා මූල්‍ය පනත්වල යහපත් කරුණු සියල්ලද එක්කොට මූල්‍ය පාලනයේ සියලු පැතිකඩ ආවරණය වන පරිදි මෙම නව පනත ගෙන ඒමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පනත මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවට ඇති වගකීම් බොහෝ සෙයින් වැඩිකර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා බොහෝ වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවට නිරතුරු කරුණු ඉදිරිපත් කිරීමේ නව වගකීම් මුදල් අමාත්‍යවරයාට පැවරෙන බව කියා සිටියා.

මෙය ඉතාම විනිවිදභාවයෙන් යුත් ජනතාවාදී පනතක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.