23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ වරාය 2024 ලොව හොඳම වර්ධක වරාය වෙයි

කොළඹ වරාය 2024 ලොව හොඳම වර්ධක වරාය වෙයි

2024 පළමු කාර්තුවේ දී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් සමග මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් මේ වනවිට අත්පත් වන බවයි.

ඒ අනුව 2024 වසරේ ජාත්‍යන්තර මගී සංචලන මිලියන 4.3ක් සහ එය 2023 ජූලි මාසයට සාපේක්ෂව 26.10%ක වර්ධනයක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවකින් තොර ව සිදු වූ බවයි කියා සිටියේ.