26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියට අදත් ඇප නැහැ

කෙහෙළියට අදත් ඇප නැහැ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) නිවේදනය කළා.

තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බව අධිකරණය නිවේදනය කළා.

මෙම නියෝගය අගෝස්තු මස 01 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.