29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'සක්වල හා හුස්මට' මැතිවරණ කොමිසමෙන් තහංචියක්

‘සක්වල හා හුස්මට’ මැතිවරණ කොමිසමෙන් තහංචියක්

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ සහ ‘සක්වල’ ප්‍රජා සත්කාරක වැඩසටහන් තාවකාලිකව නතර කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

දේශපාලන මැදිහත්වීම මත පාසල් සඳහා සිදු කරන භාණ්ඩ බෙදා දීමේ වැඩසටහන් නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේනමුත් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පාසල් සඳහා උපකරණ ලබා දීමේදී විදුහල්පතිවරුන් මාර්ගයෙන් එම සම්පත් දරුවන් අතට පත්වීම ගැටලුවක් නොවන බවත් එම ස්ථානවලට දේශපාලනඥයන් ගොස් කතා පවත්වා කටයුතු කිරීම මෙම කාල සීමාවේ සුදුසු නොවන බවත්ය.

මේ හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද පාසල්වලට නොගොස් එම සම්පත් දරුවන් අතට පත් කිරීම ගැටලුවක් නොවන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.