― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩු ගුවනේදී ගුවන් සේවිකාවකට කරදර කළ අයෙක් අත්අඩංගුවට

උඩු ගුවනේදී ගුවන් සේවිකාවකට කරදර කළ අයෙක් අත්අඩංගුවට

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති අතර කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් අද (30) විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානය අද අලුයම 02.00 ට පමණ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන්තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබුණා.

ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී, ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කිරීඉමට සූදානම් වනවිට ඔහු එම ගුවන් සේවිකාවගේ අත තදින් අල්ලා පරුෂ වචනයෙන් බැන තිබෙනවා.

මෙම ගුවන් සේවිකාව මේ පිළිබඳ වහාම ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමටද පියවර ගෙන තිබුණා.

ඒ අනුව ගුවන් නියමුවා මේ පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර මෙම ගුවන් යානය අද උදෑසන 08.45 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, පොකුණුවිට පාරේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.