23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළෙයි

අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළෙයි

මෙරට මුහුදු සීමාවේ, ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරෙන් එක ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමක් අතරතුරදීයි මෙම ඉන්දීය ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබනවා.

අද සිදුකරනු ලැබූ මෙහෙයුම අතරතුර ඉන්දීය ධීවර යාත්‍රාවක් පළා යෑමට උත්සාහ කිරීමේදී පෙරළී ඇති අතර එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් බේරාගෙන තිබෙනවා.

බේරාගැනුණු ධීවරයින් තිදෙනාගෙන් එක් ධීවරයෙක් රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අතුරුදන් වූ අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව පවසන්නේ.