27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියලේන්ද්‍රන්ගේ සහෝදරයා හා ලේකම් අල්ලස් ගද්දී මාට්ටු

වියලේන්ද්‍රන්ගේ සහෝදරයා හා ලේකම් අල්ලස් ගද්දී මාට්ටු

වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්ද්‍රන්ගේ සහෝදරයා සහ ලේකම් මුදල් අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇත්තේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීම සඳහායි.

ඒ අනුව මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරුගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා සැකකරු රාජ්‍ය ඇමතිගේ ලේකම් විසින් රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් ඔහුගේ මඩකලපුව දේශපාලන කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ලංකා බැංකු නගර ශාඛාව ඉදිරිපිටදී මුදල් ලබා ගනිමින් සිටියදීය.

පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුවටු මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට පෙරද රාජ්‍ය ඇමති වියලේන්ද්‍රන්ගේ තවත් සහෝදරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.