― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News"මම කවදාවත් එච්චර දරුණු පහරවල්වලට මුහුණ දී නැහැ" - ඉතාලි බොක්සිං ක්‍රීඩිකා...

“මම කවදාවත් එච්චර දරුණු පහරවල්වලට මුහුණ දී නැහැ” – ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඊයේ (01) පැවති කාන්තා බොක්සිං ඉසව්ව පිළිබඳව මුළුමහත් ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

එහිදී ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා.

කෙසේනමුත් ප්‍රතිවාදී ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ්ගේ පහරවල් ඉවසාගත නොහැකි වූ කරීනි බොක්සිං ක්‍රීඩාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉමානේ හමුවේ කරීනිට සටන් කිරීමට හැකිව ඇත්තේ තත්පර 46ක් පමණයි.

ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් යනු ජීව විද්යාත්මක (Biological) ලෙස ගත් කළ පිරිමි පුද්ගලයෙක් ලෙස වාර්තාවන අතර මේ වනවිට ඉමානේ පිළිබඳව විවිධ මත පලවෙනවා.

ඉමානේ කලීෆ් පසුගිය 2023 ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසි නමුත් ලිංගිකත්වය තහවුරු කිරීමට අසමත් වූ බැවින් අවසන් තරගයට පැය කිහිපයකට පෙර ඉමානේට එම තරගයෙන් ඉවත් වීමට සිදුවෙනවා.

කෙසේ වෙතත් කිසිදු පරීක්ෂණයකින් තොරව පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා අංශයට සහභාගි වීමට ඇයට අවසර ලැබිණි.

තරගයේ 30 වැනි තත්පරයේදී ඉමානේ කලීෆ් විසින් ඇන්ජෙලා කරීනිගේ මුහුණට දැඩි පහරක් එල්ල කළාය.

කලීෆ් යනු උපතින්ම ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කාන්තාවක් ලෙසයි සැලකෙන්නේ.

මෙම දැසි පහරින් කරීනිගේ නහයෙන් ලේ ගලන්නට පටන් ගත් අතර ඇය වහාම තරගය නවත්වන ලෙසට කතා කර තමන් තරගයෙන් ඉවත් වන බව නිවේදනය කළාය.

මම කවදාවත් ඒ වගේ පහරවල්වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි. මගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය බැවින් මම ඔලිම්පික් තරගය නතර කළා. මෙය තරගයක් විය හැකි නමුත් ඒ මොහොතේ මගේ ජීවිතය රැක ගැනීමට මට සිදු වුණා. මට බයක් තිබුණේ නැහැ, තරගයට බය නැහැ, මම පහරවල්වලට බය නැහැ, නමුත් මේ වතාවේ හැමදේකම අවසානයක් තිබුණා. මට බැරි වුණ නිසා මම මේ තරගය අවසන් කළා.