29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරුණගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයි

අරුණගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන ඊයේ (06) පස්වරුවේ පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 400 තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට තරග වැදුණා.

එහෙත් අරුණට අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේ දී හිමි කරගත හැකි වූයේ 05 වැනි ස්ථානයයි.

මෙම තරග වටය නිමා කිරීමට අරුණට තත්ත්පර 44.75ක් ගත වුණා.

කෙසේනමුත් ඔලිම්පික් මීටර් 400 අවසන් පූර්ව වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශන සුදුසුකම් නොලත් ක්‍රීඩකයෙකු බවට විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.

අරුණ සිය ධාවන මංතීරුවෙන් පිටත TR17.2.3 මංතීරු උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි ලක්ව ඇති අතර ඒ අනුව අරුණ දැක්වූ 44.75 දක්ෂතාව මින් ඉදිරියට වලංගු නොවනු ඇති.