― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ දෙකක වෙඩි තැබීම් - දෙදෙනෙකුට තුවාල

ප්‍රදේශ දෙකක වෙඩි තැබීම් – දෙදෙනෙකුට තුවාල

ගම්පහ ප්‍රදේශයේ ඊයේ (06) රාතියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම තම්මිට, වෙළ පාර ප්‍රදේශයේදී සිදු කර ඇති බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන ප්‍රහාරකයින් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාලකරු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර ජා-ඇල, මාකවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.