― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsආයුර්වේද වෛද්‍යවරුන්ට අමතර සේවා දීමනාවක්

ආයුර්වේද වෛද්‍යවරුන්ට අමතර සේවා දීමනාවක්

රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට අමතර සේවා දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ මෙම අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ටත් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත් වූ බවයි.

මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් ඇතිව තිබෙන විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ හමුවේ ස්ථාවර රටක් නිර්මාණය කල හැකි වන්නේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් නිර්මාණය කර ගැනීමෙන් පමණක් බව සියලු දෙනාම සිහිතබා ගත යුතුයි. ජාතික ආරක්ෂාව ඇති කිරීමට නම් රට මෙන්ම ආර්ථිකය ද ස්ථාවර විය යුතුයි.

ඒ නිසා ජනතාව තම දරුවන්ගේ සහ රටේ අනාගතය පිළිබඳ සිතා රටක් ලෙස ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ද සඳහන් කළ යුතුයි. බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් සිටියා. ඉතිං එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් එතුමාට විශේෂ ස්තුතිය පුදකළ යුතුයි.

මෙම දීමනාව මුදල් අමාත්‍යාංශයට වැය බරක් නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදලින්ම ආවරණය වන පරිදි ලබාදීම සිදු වනවා. මෙය රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් ලද ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකියි. ඒ වගේම පසුගිය ජූලි 31 වනදා වන විට පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සඳහා නැවත අයදුම්පත්‍ර කැඳවීම සිදුකළා. ඊට අදාළ අයඳුම්පත්‍ර 712ක් ලැබී තිබෙනවා. මේ අතර පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය අත්හිටුවා ඇති බවට විවිධ කටකතා පැතිර යනවා. නමුත් ඔවුන්ගේ විභාගය ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට අදාළ සියළු කටයුතු මේ වන විට සැළසුම් කර ඇති බව සඳහන් කළ යුතුයි.” ‍