28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස්

එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස්

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කර නිදහස් කර තිබෙනවා.

විත්තිකාර පාර්ශ්වය ගොනු කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (08) මෙම නියෝගය කරනු ලැබුවා.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට ළමාහේවා උසාවිය ඉදිරියේ වරදකරු කෙරුණා.

එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුවයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට එරෙහිව නඩු පවරා තිබුණා.