― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ මරණ දණ්ඩනය ස්ථිර වෙයි

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ මරණ දණ්ඩනය ස්ථිර වෙයි

මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කර තිබෙනවා.

කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මොවුන් හයදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

2013 වසරේ මැයි මස 22 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මොවුන්ට 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

ඒ අනුව නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මොවුන්ගේ මරණ දණ්ඩනය ස්ථිර කර තිබෙනවා.