ගිරාඳුරුකෝට්ටේ – දිවුල්පැලැස්ස ප්‍රධාන මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ විරානගම ප්‍රදේශයේදී ඊයේ (07) පස්වරුවේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි වියේ පසු වූ කලුවැල්ලේ මුදලිගේ ජයතිස්ස නැමැති 10 කණුව, විරානගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා
යතුරු පැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදි ඔහුට නින්ද යාම හේතුවෙන් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියේ ගැටී අසළ තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවලා ලබා දෙදෙනාම ගිරාඳුරුකෝට්ටේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ වනවිටත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.


