26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි - පාපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි – පාපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් තොටළඟ හන්දිය අසළදී යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෑලියගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ගමන් ගත් පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් පාපැදියේ ගමන් ගත් පුද්ගලයා සහ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පාපැදියේ ගමන් ගත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.