29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පනී - දෙදෙනෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පනී – දෙදෙනෙක් ජීවිතක්ෂයට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන බස් නැවතුම්පොළේ සිටි පුද්ගලයින් තිදෙනෙකු යට කරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 අතර පසුවන පෙදරේරුවන් දෙදෙනෙකි.

බස් රථයේ ගමන් ගත් කාන්තාවගේ අතකට බරපතල හානි සිදුව ඇති අතර ඇය රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පවසන්නේ.