31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentවේවැල්දෙනියේ මාරක රිය අනතුරක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

වේවැල්දෙනියේ මාරක රිය අනතුරක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

කොළඹ – නුවර මාර්ගයේ අද (12) සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (12) දහවල් වේවැල්දෙනිය ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇති බවයි.

නිට්ටඹුව දෙස සිට නුවර දෙසට ගමන් ගත් ත්‍රීරෝද රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය සැක පළ කරන්නේ රියදුරාට නින්ද යාමෙන් හෝ වෙනත් අපරීක්ෂාකාරී ක්‍රියාවක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.