29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපතිවරණයේදී ජනතාව අනාගතය ගැන සිතා තීන්දුවක් ගත යුතුයි - රනිල්

ජනපතිවරණයේදී ජනතාව අනාගතය ගැන සිතා තීන්දුවක් ගත යුතුයි – රනිල්

කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසූ ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගත යුතුව ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ Ask Ranil වැඩසටහනට ඊයේ (19) එක්වෙමිනි.

පසුගිය වසර 75ක කාලය තුළ සිටි පාලකයන් රටේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැති බවට ඇතැම් පාර්ශ්වයන් චෝදනා කළත් එය නිවැරදි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කථා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා බවද කියා සිටියේය.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා විශාල කණ්ඩායමක් තමා සමඟ එක්ව සිටින බවත් එබැවින් තමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.