අද (21) උදෑසන කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියවල ප්රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර ප්රදේශයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද (21) අලුයම් කාලයේදී මෙම ගස කඩා වැටී ඇති බවයි.