― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමේ පුවත අසත්‍යයි

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමේ පුවත අසත්‍යයි

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීම සම්බන්ධයෙන් පළවන පුවත් අසත්‍ය ඒවා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (22) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේ කිසිඳු හේතුවක් මත රජය එලෙස තීන්දුවක් ගෙන නොමැති බවයි.

මේ කතාව නිර්මාණය වෙන්න හේතුව වෙන්නේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරන විශේෂ පියවරයන්. රියදුරු බලපත්‍ර අසාදුගත කරන්න අපි විශේෂ පියවරක් ගන්න අපි සාකච්ඡා කරමින් ඉන්නවා. දිනකට මහා මාර්ගවල 07දෙනෙක් මිය යනවා. පූර්ණ ආබාධිත වෙන අය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. එම නිසා මේ සම්බන්ධ නීතී ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා.

රියදුරු බලපත්‍ර වර්ග දෙකක් තියනවා. පොත් විදියට තියෙන සහ කාඩ් විදියට තියෙන බලපත්‍ර. පොත් විදියට තියන බලපත්‍ර ලක්ෂ 03කට වැඩියි. මේ කිසිම බලපත්‍රයක් පද්ධතියේ නෑ. එම නිසා හදුන්වාදීමට නියමිත අකුසලතා ලකුණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් ඇතිවනවා.

ඊට අමතරව 2009 පෙර ලබාදුන් බලපත්‍ර ලක්ෂ 16ක ප්‍රමාණයටද මෙම ගැටලුව පවතිනවා. මේ අයට කිසිම අපහසුතාවයක් සිදුනොවන්නට අපි ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා. අලුත් ක්‍රමවේදය හදුන්වාදුන් පසුව අකුසලතා ලකුණු 24 ඉක්ම වුවහොත් රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා. නැවත වසරකට පසු මුල සිට අයදුම් කර රියදුරු බලපත්‍රය ලබාගත යුතු වෙනවා.”