31.1 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtරොනාල්ඩෝගෙන් යූ ටියුබ් ලෝක වාර්තාවක්

රොනාල්ඩෝගෙන් යූ ටියුබ් ලෝක වාර්තාවක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නිල යූ ටියුබ් නාලිකාව දියත් කර විනාඩි 90ක් ඇතුළත ග්‍රාහකයින් මිලියනයකට අධික ප්‍රමාණයක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

UR.Cristiano ලෙස දියත් කරන ලද මෙම නාලිකාව මිනිත්තු 90ක් ඇතුළත මෙම සන්ධිස්ථාන පසු කළ අතර මේ වනවිට එහි ග්‍රාහකයින් මිලියන 16 ඉක්මවා ඇත.

මෙතෙක් ඉතිහාසය තුළ ග්‍රාහකයින් මිලියනය ඉක්මවා ගිය වේගවත්ම ‍YouTube නාලිකාව මෙයයි.

39 හැවිරිදි රොනාල්ඩෝ පස් වතාවක් Ballon d’Or සම්මානය ද දිනා ඇති අතර සෞදි අරාබි පාපන්දු සමාජය වන Al Nassar සඳහා ක්‍රීඩා කරන ප්‍රධානතම පෙළේ යුරෝපීය ක්‍රීඩකයෙක් ද වනවා.