23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඡන්ද වැඩවලට රජයේ ගුවන් යානා බෑ

ඡන්ද වැඩවලට රජයේ ගුවන් යානා බෑ

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යාමට රජයේ වියදමින් හෙලිකොප්ටර් භාවිතා කිරීම තහනම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක පැවසුවේ මැතිවරණ කටයුතු සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා භාවිත කළහොත් ඒ සඳහා අනිවාර්යෙන්ම මුදල් ගෙවීමට සිදුවන බවයි.

එමෙන්ම ලංගම බස් රථ හා දුම්රිය ද මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහාද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.