27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමී උණ රෝගීන්ගේ වර්ධනයක්

මී උණ රෝගීන්ගේ වර්ධනයක්

මී උණ රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවෙන් මී උණ රෝගීන් 5000ක් පමණ වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සහ ගංවතුර තත්ත්වය හේතුවෙනුයි මෙම මී උණ අවදානමක් උඝ්‍ර වී ඇත්තේ.

කෙසේනමුත් ගංවතුර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රත්නපුර, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර, මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මී උණ දැඩි අවදානමක් පවතිනවා.

මේ දිනවල මාංශ පේශී වේදනාව, හිසරදය, උණ, වමනය වැනි රෝග ලක්‍ෂණ ඇති වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය බව වෛද්‍යවරුන් පවසන්නේ.